වතු කම්කරු ජනයාගේ දීපාවලී දීමනාව ඉහළ දමයි

වතු කම්කරු ජනයාගේ දීපාවලී දීමනාව ඉහළ දමයි
මෙවර දීපවාලි උත්සවය සඳහා වතුකම්කරු ජනතාවට ලබාදෙන දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දමන ලෙසට තේ මණ්ඩලය වෙත දැනුම් දී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
 
 ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වතුකම්කරුවන්ගේ දීමනාව සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
 
ඉහළ ගොස් ඇති  ජීවන වියදම හමුවේ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.