"අද වෙනකොට ආණ්ඩුව ගෙනියලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සම්පූර්ණයෙන්ම රට බංකොළොත් කරලා තියෙන්නේ. අද මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බෑ. ජනතාවගෙන් කොටසක් තමයි 247,000ක් වුණ ගුරුවරු. මේක නිසාම අපි තීරණය කළා පැහැදිලි තීරණයක් ගන්න අපේ වැටුප් වැඩිකිරීමක් හෝ එහෙම නැත්නම් දීමනාවක් ලබාගැනීමට. මේ වනවිට ගුරුවරුන්ට පාසලට එන්න විදියක් නෑ. බරපතළ ගමන් වියදමක් දරන්න වෙලා තියෙන්නේ. මේක ගැන අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා."
