වතු වෘත්තීය සමිතියක සභාපති ලෙස සාගල පත්වෙන්න යයි

වතු වෘත්තීය සමිතියක සභාපති ලෙස සාගල පත්වෙන්න යයි
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇතැයි කියැවෙයි.
 
ඉකුත් 18 වනදා එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබේ.
 
ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන ඇමති හරීන් ප්‍රනාන්දු ද, අඟහරුවාදා පැවැති කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.
 

 ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකකි.