බැංකු නිලධාරින් රට හැර යාමට පටන් අරන්

බැංකු නිලධාරින් රට හැර යාමට පටන් අරන්

පසුගිය මාස කිහිපය තුළ බැංකු නිලධාරින් 2000කට වැඩි පිරිසක් තම රැකියාව අත්හැර විදේස් ගත වී ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ට පැවසීය.

පෞද්ගලික බැංකුවල නිලධාරින් විශාල වශයෙන් විදේස්ගත වීම් වැඩිවී ඇති බවත්, නව බදු පනත් හා රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති බොහෝ පිරිස් සිය පවුල් පිටින්ම විදෙස්  රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මූල්‍ය ක්ෂේත්‍රෙය් බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බවත්, රජය මේ සඳහා වහාම මැදිහත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.