ලිච්චවී ප්‍රතිපත්තිය අනුගමනය රාජ්‍ය නායකයකු වෘත්තිය සමිති දඩයමක - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ලිච්චවී ප්‍රතිපත්තිය අනුගමනය රාජ්‍ය නායකයකු වෘත්තිය සමිති දඩයමක - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

වෘත්තීයවේදීන්ගේ සහ වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමට සහ බිය වැද්දවීමට විනය නීති යොදා ගැනීම, ලිච්චවී ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන රාජ්‍ය නායකයෙකු යටතේ, වට මේසයක සාකච්ඡා කල යුතු කරුණු පොලිසිවල, උසාවිවල, විමර්ෂණ අංශවල සාකච්ඡා කිරීමට සිදුවීම ඛේදවාචකයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් කරුණු ලක්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සහ ප්‍රතිපත්ති නියාමනයේ දුර්වලතාවයන් හෙලිදරව් කරමින් සිටින සහ නිවැරදි සෞඛ්‍ය දර්ශණයක් වෙණුවෙන් සමාජ සාකච්ඡාවක යෙදෙමින් සිටින වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීයවේදීන් විනය නීති භාවිතා කරමින් බිය වැද්දවීමත්, දණ්ඩනයට ලක් ලක් කිරීමත් දිගින් දිගටම සිදු වෙමින් පවතී.

ඒ යටතේ පරිපූරක වෛද්‍ය සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීය සමිති නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විමර්ෂණ අරඹා ඇති අතර, වෛද්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයෙකු වන වෛද්‍ය චමල් සංජීව මහතා වැඩ තහනමකට ලක් කර ඇත.

සෞඛ්‍ය සේවාවේ ගැටළු සහගත තත්වයන් පිළිබදව වෘත්තීයවේදීන් ලෙසත් වෘත්තීය සමිති ලෙසත් සිදු කර ඇති හෙලිදරව් කිරීම් බොහොමයක් නිවෑරදි බව, වරද සිදු කොට මාස කිහිපයකට පසුව තහවුරු වී තිබේ. එසේම වෘත්තීයවේදීන්ගේ ලෙස සෞඛ්‍ය සේවාව පිළිබදව ඇති කරන සමාජ සංවාද ධනාත්මකව ගනු නොලැබීම තුල වලක්වා ගත හැකිව තිබූ අර්බුධ ගණනාවක් උඩු දුවන තත්වයකට පත්ව ඇති බවද ඉතා හොදින් තහවුරු වී ඇත.

එසේම අප ගිය වසරේ ඉදිරිපත් කරනු ලබන දූෂිත හා නාස්තිකාර වියදම් පිළිබද තත්වයන් මේ වසරේ විඝණකාධිපති වාර්ථාව මගින් සාක්ෂි.සාධක සහිතව තහවුරු කිරීම මගින්, ලබන වසරේ සෞඛ්‍ය සේවාව පිළිබදව හොද විඝණන වාරථාවක් ලබා ගැනීම සදහා, සෞඛ්‍ය වෘතිත්යවේදීන්ගේ සමාජ සාකච්ඡාව  කෙතරම් වැදගත් වන්නේද යන්න තේරුම් ගත හැකිය.

නමුත් ලිච්චවී ප්‍රතිපත්තිය අනුගමනය කරනුලබන රාජ්‍ය නායකයෙකු යටතේ, වට මේසයක සාකච්චා කල යුතු කරුණු පොලිසිවල, උසාවිවල, විමර්ෂණ අංශවල සාකච්ඡා කිරීමට සිදුවීම ඛේදවාචකයකි.

එනයින් මේ පිළිබදව ඔබගේ කඩිනම් අවධානය යොමු කර, මෙම මර්ධනිය ක්‍රියාමාර්ග වහා අත් හිටු වීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි. එසේ නොවන තත්වයක් හමුවේ සෞඛ්‍ය සේවාව තුල මතු වී ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, වර්ජන ක්‍රියාමාර්ගයක් වෙත යොමු වීම නොවැලැක් වියහැකි බවද, පණ අදිමින් සේවාව සපයමින් සිටින සෞඛ්‍ය සේවාව තුල, එවැනි තත්වයකට පත්වීම හරහා සිදුවන කිසිදු බිද වැටීමක වගකීම, මෙම තත්වය ඇතිකල නිළධාරීන් විසින් භාරගත යුතු බවද ඉතා කාරුණිකව දන්වා සිටිමි.