රාජ්‍ය සේවයේ නව වෙනසක් - ඔබ රාජ්‍ය සේවයේ සිටින අයෙක් නම් තොරතුරු මෙන්න!

රාජ්‍ය සේවයේ නව වෙනසක් - ඔබ රාජ්‍ය සේවයේ සිටින අයෙක් නම් තොරතුරු මෙන්න!
සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකාරක සභාවේ අවධානය යොමුව තිබේ.
 
මෙම අනුකාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව අප වාර්තාකරු පවසයි.
 

රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ සේවාවන් ඒකාබද්ධ කිරීම සඳහා පවතින නෛතික බාධාවන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.