2023 අය වැය හෙට මැතිසභයට

2023 අය වැය හෙට මැතිසභයට

2023 වර්ෂය සදහා වූ අයවැය ලේඛනය හෙට (14) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

අයවැය කතාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන විවාදය ලබන 15 වැනි දා සිට 22 වැනිදා දක්වා සතියක කාලයක් පැවැත්වෙනු ඇති. අයවැය කාරක සභා විවාදය 23 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම සිදුකරන්නේ දෙසැම්බර් 8 වැනිදායි.

අය වැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරන බවයි, පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.