අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනී නිර්මාණී හදිසියේ සමුගනී

අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනී නිර්මාණී හදිසියේ සමුගනී

ගෝල්ෆේස් අරගල භූමියේ 'පුරවැසි සභාව' ගොඩ නැගීම වෙනුවෙන් හා ඒ සඳහා බුද්ධිමය සංවාද සිදුකර විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත විය.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.

ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ නිර්මාණී  ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි.

නිර්මාණිගේ වියෝව වැඩබිමේ සංවේගය පළකරමු.