නව වසරේ රැකියාවලට පැමිණීමට දුම්රිය රියදුරෝ නැතිව අවළංගු වෙයි

නව වසරේ රැකියාවලට පැමිණීමට දුම්රිය රියදුරෝ නැතිව අවළංගු වෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවකයින් 2022 දෙසැම්බර් 31 දිනට වයස 60 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනයේ බාධාවන් මතුව ඇති බව දුම්රිය ස්ථානාපතිවරුන්ගේ සංගමයේ ලේකම්, සූමේධ සෝමරත්න මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටී.

නිවාඩු දිනයක් වන අද දිනත් (01) දුම්රිය සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වි ඇති බවත්, නව වසරේ රාජකාරිවලට වාර්තා කරන හෙට (02) දින මෙම තත්ත්වය වඩාත් උගුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ තත්ත්වට තුළ දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් සේවකයින් ලෙස බදාවා ගැනීමට උපදෙස් ජනාධිපති කාර්යාලයෙන් ලැබි තිබුණත් එම සේවකයින් නැවත සේවයට කැඳවන තුරු මෙම තත්ත්වය වළක්වා ගැනිමට නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.