ආර්ථික අර්බුදයෙන් වතු කම්කරුවන් දරුණු අර්බුදයක - රාධා ක්‍රිෂ්ණන්

ආර්ථික අර්බුදයෙන් වතු කම්කරුවන් දරුණු අර්බුදයක - රාධා ක්‍රිෂ්ණන්

වතුකරයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් පවතින බවත්, පවතින ඖෂධ හිගය හමුවේ වෛද්‍යවරුන් විසින් පිටතින් එම ඖෂධ ලබා ගන්නා ලෙස බෙහෙත් වට්ටෝරුවක් ලබාදුන්නත් එම බෙහෙත් වට්ටෝරුව මිල දි ගැනිමට වතු කම්කරුවන්ට ආර්ථික තත්ත්වයක් නොමැති බව  ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

දුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය පි. චන්ද්‍රසේකරන් මහතාගේ 13 වෙනි ගුණ අනුස්මරණ උත්සවය (01) දින හැටන් නගරයේ පිහිටි කදුරට ජනතා පෙරමුණු කාර්යාලයේ පැවති අවස්තාවේදි රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසිය.

රජය විසින් යළි විදුලි බිල වැඩිකළ හොත් වතු කම්කරුවන්ට එම බිල්පත ගෙවිමට නොහැකි නිසා එම වතු කම්කරුවන් වෙත ලබා දි ඇති විදුලි සම්බන්ධතාවය විසන්ධි වන බවත්, එම තත්ත්වය මත වතු කම්කරුවන්ට භුමිතෙල් ලාම්පුවක් හෝ පත්තු කරගෙන නිවස ආලෝකමත් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත් වි ඇති බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ වන විට වතුකරයේ ජනතාව මුහුණ දෙන දැඩි අර්ථික දුෂ්කරතා හේතුවෙන් වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

‘මෙරට නිදහස ලබා වසර 75 ක් වි ඇතත් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදිමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බවට චෝදනා කළ රාධා ක්‍රිෂ්ණන් මහතා වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිළිබදව අනුකම්පා සහගත ලෙසව සිතා බලන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියේය.