රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන නව ලේකම්ගෙන් අනතුරු හැඟවීමක්

රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන නව ලේකම්ගෙන් අනතුරු හැඟවීමක්

රාජ්‍ය සේවකයින් තම රාජකාරි වේලාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට තම ජංගම දුරකතන භාවිතා කිරීමේදී සැලකිලිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

2023 වසරේ රාජකාරි කිරීම ආරම්භ කරමින් ලේකම්වරයා සඳහන් කළේ ෆේස්බුක්, වට්ස්ඇප්  වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්න ලෙසයි.

පුද්ගලියක අංශයේ ඇතැම් ආයතනවල කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන තබාගැනීමට නොදෙන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි පියවරක් ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.