නීතිපති උපදෙස් නොතකා දුම්රිය අබිලි යකඩ විකිණිම යයි

නීතිපති උපදෙස් නොතකා දුම්රිය අබිලි යකඩ විකිණිම යයි

SRS/F 7596 අත්හිටුවන ලද අබලි යකඩ ටෙන්ඩරය අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණය නොවු පාර්ශවයකට, දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු වන ආකාරයෙන් ලබා නොදෙන ලෙස ඉල්ලීමක් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඇතුළු රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ඉහත අබලි යකඩ ටෙන්ඩරය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට අවතීරණය වු මෙල්වා සාමාගමට, නීතිපතිතුමාගේ උපදෙස් මත බේරුම්කරණ ක්‍රියාමාර්ගයක් තුලින් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ සම්බන්ධයෙන් අපට විරෝධතාවයක් දැක්විය නොහැකි මුත්, එම  ටෙන්ඩරයේම පාර්ශවකරුවකු වන AP ආයතනය අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණය නොවී, ගරු නීතීපති තුමාගේ උපදෙසක්ද නොමැතිව බේරුම්කරණ මණ්ඩලයක එකඟතාවක් මත දුම්රියට බරපතල පාඩුවක් වන අයුරින් කිසියම් නිළධාරින් පිරිසකගේ අවශ්‍යතාවය මත ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප වෘත්තීය සංගම් බරපතල විරෝධතාවය ප්‍රකාශ කර සිටිමු.

අබලි යකඩ කිලෝවක් රුපියල් 100 කට අධික මිලකට ලබාදීමට හැකියාව තිබියදි රුපියල් 43 ක මිලකට ලබාදීමට උත්සහා කිරිම වහාම අත්හිටුවන ලෙසත්, මේ සම්බන්ධයෙන් අප සන්ධානයට සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

එසේම අපගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධාණය යොමු නොකර අදාල සමාගම සමග ගිවිසුම් ගතවිමට කටයුතු කරන්නේ නම් අප වෘත්තීය සමිති සන්ධානයට සම්බන්ධ සියළු පාර්ශවයන් සමග සාකච්ඡා කර නැවත දැනුම් දීමකින් තොරව දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව අවධාරණයෙන් යුතුව දන්වා සිටිමු.