පිළිකා නාශක ඖෂධ හිඟය උග්‍ර අතට

පිළිකා නාශක ඖෂධ හිඟය උග්‍ර අතට

උග්‍ර පිළිකා නාශක ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් ඇත. මේ වන විට වෛද්‍ය විද්‍යවේ දියුණු ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි පිළිකා වර්ග ගණනාවක් ඇත.

එසේ වුවත් එම ප්‍රතිකාර නියමිත් කාල සටහනට අනුව ලබා නොදීමෙන් අපේක්ෂිත සාර්ථකත්වය අත්පත් කරගත නෙහෙැක එහෙත් අද වන විට බොහෝ පිළිකා රෝගීන්ට නියමිත කාල සටහනට අනුව ප්‍රතිකාර කිරීමට නොහැකි වීම නිසා එම රෝගීන් දහස් ගණන් ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇත.

උක්ත කාරණය පිළිබඳ ඔබගේ කඩිනම් අවධානය යොමු කොට පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ අදාල රෝහල්වලට ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමු.