අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණය පෞද්ගලික අංශයටත්

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණය පෞද්ගලික අංශයටත්

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබාදීම සඳහා 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ පිළිබඳ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිව හිමිව ඇත.

1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වාදීම

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබාදීම සඳහා වන යෝජනාවක් 2023 අයවැය කතාවේදී ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි. එකී යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1980 අංක  46 දරණ සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත්ක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.