සරසවි ඇදුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩයි-විභාග ක්‍රියාත්මකයි

සරසවි ඇදුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩයි-විභාග ක්‍රියාත්මකයි
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ ද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
 
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල ඉහළ දැමීම ආදී කරුණු පිළිබඳ සිය විරෝධය පළ කරමිනු යි දිවයින පුරා විවිධ වෘත්තිකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.
 
ඒ් අනුව විශ්වවිද්‍යාල අාචාර්යවරුන්ද, මේවන විටත් වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉගැන්වීම් කටයුතු සිදු නොකරන නමුත් කලින් යොදා ගත් විභාග පැවැත්වීමට තීරණය කර තිබේ.
 

කෙසේ වෙතත් උසස් පෙළ ප්‍රතිඵල පරීක්ෂාව සඳහා ගුරුවරුන් මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් ද තවමත් සිය කැමැත්ත මෙතෙක් පළ කර නොමැත.