පළාත් පාලන ඡන්දයට නාම යෝජනා දුන් රාජ්‍ය නිලධාරීන්ට වැටුප ලබාදීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා දුන් රාජ්‍ය නිලධාරීන්ට වැටුප ලබාදීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් ලෙස රජයේ නිලධාරින් 3,000ක් පමණ නාමයෝජනා භාරදී ඇති අතර, ඔවුන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැටුප් රහිත නිවාඩු ලබා දී තිබේ.

 නමුත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දැනට කල් තබා ඇති බැවින්, ඔවුන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් එම නිලධාරින් ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇත.

එබැවින්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති රජයේ නිලධාරින් සඳහා 2023 03 09 දින සිට 2023 04 25 දින දක්වා කාලසීමාවට අදාළව එම නිලධාරින්ගේ මූලික වැටුප ගෙවීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.