පළාත් කිහිපයකට ගුරුවරු බඳවා ගැනීමට අනුමැතිය හිමිවෙයි

පළාත් කිහිපයකට ගුරුවරු බඳවා ගැනීමට අනුමැතිය හිමිවෙයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල , දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුර පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

තව ද 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා  ඌව පළාත් සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු පුරප්පාඩු සදහා බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී නොමැත.