ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකු සම්මානයක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකු සම්මානයක්

කලාපීය වශයෙන් (Region) ක්‍රියාත්මක වන  හොඳම ව්‍යාපෘති සඳහා  පිරිනැමෙන ලෝක බැංකු නියෝජ්‍ය සභාපති සම්මානය (World bank Presidents Awards) ශ්‍රී ලංකාවේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට (PSSP) හිමිවී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය  ඉටුකල මෙහෙවර සලකා බැලීම හා   එසේම ලබාදුන් ඉලක්ක සම්පූර්ණ කිරීම  ලෝක බැංකුව විසින් සමීපව අධීක්ෂණය කර තිබේ. එසේම මහජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ ව්‍යා පෘතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද අගැයීමක් සිදුවිය. ඒ අනුව ලෝක බැංකු ව්‍යාපෘති ක්‍රියාත්මක වන ලෝකයේ රටවල් 163 ක් අතරින්, මෙම කලාපයේ (Region) හොඳම ව්‍යාපෘති සඳහා  පිරිනැමෙන ලෝක බැංකු නියෝජ්‍ය සභාපති සම්මානය World bank Presidents Awards  මෙවර ශ්‍රී ලංකාවේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට හිමි වන බව ලෝක බැංකුව නිවේදනය කලේය. (මෙය කලාපීය වශයෙන් හොඳම ව්‍යාපෘතියකි)

ඒ සදහා නිර්දේශය ලෝක බැංකුව විසින්  ලබා දී ඇති බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය අද නිල වශයෙන් නිවේදනය කලේ  සෞඛ්‍ය ලේකම්වරයා, පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්   ඇතුළු  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා පරිපාලන  බලධාරීන් අමතමිනි. ජිනීවාහි ලෝක බැංකු මූලස්ථානයේ සිට  වැඩි දුරටත් අදහස් දක්වමින්  වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය පැවසුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු සියලු පාර්ශවකරුවන් මෙම කාර් යයේදී දැක්වූ කාර්යක්ෂමතාව සම්බන්ධව ලෝක බැංකුවේ විශේෂ අගැයීම හිමිවන බවයි. ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ජාවට දිවයින පුරා සෞඛ්‍ය හා පලාත්පාලන බලධාරීන්ද දුරස්ථ ක්‍රමයට එක්ව සිටියහ .