සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II හා අධ්‍යක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය G. විජේසූරිය මහතාගේ අවිචාරවත් හා අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II හා අධ්‍යක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහල වෛද්‍ය G. විජේසූරිය මහතාගේ අවිචාරවත් හා අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පා දියත් වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග.
උක්ත කරුණ පිළිබඳ සාක්ෂි හා සාධක සහිතව මීට ඉහතදී අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ කරුණු දැක්වීම් රාශියට වැඩිමනත් වශයෙනි.
සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාත්මක ‘සැඟවුණු හස්තයක්’ විසින් මෙම පැමිණිලි විභාග කොට වෛද්‍ය G. විජේසූරිය මහතාට එරෙහිව සුදුසු පරිපාලනමය හා විනය ක්‍රියාමාර්ග ගැනීම අවහිර කරන පසුබිමක ඔහු විසින් දිගින් දිගටම තම සුපුරුදු අවිචාරවත් හා අත්තනෝමතික හැසිරීම සිදු කරනු දැකිය හැකි වෙයි.
ඒ අනුව,
උදා -
A. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා සෞඛ්‍ය ලේකම් වන ඔබ මඟහරිමින් ඍජු ලෙසම ජනාධිපති ලේකම් වෙත ලිපි යොමු කිරීම. (ඇමුණුම I - අදාල ලිපිය)
B. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මඟහරිමින් ඍජු ලෙස ඔබ වෙත ලිපි යොමු කිරීම. (ඇමුණුම II - අදාල ලිපිය)
උදා - ළමා රෝහල තුල මෑතකදී වාර්තා වූ වකුගඩු සැත්කම ආශ්‍රීත සිදු විම.
ඒ අනුව ඉදිරි සතියක කාලය තුල ඉහත කරුණු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග කරා එළඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අසමත් වූවහොත් එළඹෙන 23 වන බදාදා දින පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් පසු ආරම්භ වන දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට විධායක සභාව ලෙස තීරණය කර ඇත.
එහිදී ආරම්භක පියවරක් ලෙස දිවයින පුරා සිටින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය විසින්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස නිසි නිල මගින් රාජකාරීමය ගණුදෙනු සිදු නොකිරීමට කටයුතු කෙරෙනු ඇත.
ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා සෞඛ්‍ය පද්ධතියට වන බලපෑම් පිළිබඳ පූර්ණ වගකීම මෙම වෛද්‍යවරයාගේ අවිචාරවත් හා අත්තනෝමතික හැසිරීම දිගින් දිගටම ආරක්ෂා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිටින ‘සැඟවුණු හස්තයක්’ භාර ගත යුතු බව අවධාරණය කරමි.



