අසාත්මිකතාවය හේතුවෙන් මරණ කිහිපයක් සිදු වූ ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාර පරීක්ෂාවට තවම යොමු කර නැහැ

අසාත්මිකතාවය හේතුවෙන් මරණ කිහිපයක් සිදු වූ ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාර පරීක්ෂාවට තවම යොමු කර නැහැ

ආසාත්මිකතාවය හේතුවෙන් මරණ කිහිපයක් ඇති වූ, ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ප්‍රතිජීවක ඖෂධය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ලත් රසායනාගාරයකට යවා පරීක්ෂා කරන බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශයට පත්කොට මාසයකට ආසන්න කාලයක් ගත වී අවසන් නමුත් තවම එම පරීක්ෂාව සඳහා අදාල රසායනාගාර වෙත නිදර්ෂකයක් පවා යොමු කිරීමට කටයුතු කර නැති බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටී.

ඖෂධ නියාමන අධිකාරියේ, ඖෂධ අධිකාරියේ 'අවධානම් සහ ඖෂධ සුරක්ෂිත බව පිළිබඳ කමිටුව' නිර්දේශ කරන ලද්දේ පසුගිය අගෝස්තු මස මුල් සතියේදීය. එම නිර්දේශයෙන් පසුවද එම ඖෂධ කාණ්ඩ කිහිපයක් අත් හිටුවීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබූ අතර, ජාතික රෝහලෙහි පනස් හැවිරිදි රෝගියෙකු මිය යෑම සම්භන්ධයෙන්ද එම ඖෂධය සැකයට භාජනය විය. කෙසේ නමුත් ජාතික ඖෂධ තත්වපාලන රසායනාගාරයේ පවතින උපකරණ අඩුපාඩු හේතුවෙන් සාධාරණ රසායනාගාර  පරීක්ෂණයක් සිදු නොකට, ඖෂධයේම වරදකින් එම මරණ සිදු වූ බවට චෝදනා කල නොහැකි බැවින්, පිළිගත් රසායනාගාර පරීක්ෂාවක් අත්‍යවශ්‍යව තිබියදී, අධිකාරිය විසින් මෙම පරීක්ෂාවන් හිතාමතාම ප්‍රමාද කිරීම බරපතල තත්ත්වයකි. තවද මෙම පරික්ෂාවන් සඳහා වැයවන සම්පූරණ වියදම අදාල සමාගම විසින් දැරීමට එකඟව තිබියදී හා සමාගම විසින් අදාලා විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියකට පූර්ණ සහයෝගය පල කර තිබියදී, අධිකාරිය විසින් අකාර්යක්ෂම බව සෞඛ්‍ය සේවාවේ විසඳිය නොහැකි ගැටලු වලට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.