ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුව විසින් සම්මත කළ යෝජනා

ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුව විසින් සම්මත කළ යෝජනා

විශේෂයෙන්ම පුද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ මිලියන 02.5 ක සේවකයින්ට සහ පොදුවේ සමස්ත කම්කරු පන්තියට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට වඩාත් වැදගත් වන ගැටළු පිලිබඳ සාකච්ඡා කරමින් මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් වන අප විසින්, 2023 සැප්තැම්බර් 03 වන දින පහත පරිදි යෝජනා සම්මත කරමු,

01.          වත්මන් රජය වෙනුවෙන් කම්කරු අමාත්‍යවරයා විසින් “ඒකීය කම්කරු නීතිය” ලෙස යෝජනා කරන ලද සම්පූර්ණ කෙටුම්පතට විරුද්ධ වීමට -  මෙය සම්මත ලැබුවහොත් රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සේවකයා සේවායෝජකයාගේ බලයට අවනතව  කටයුතු කල යුතු අතර, සේවකයන්ට වැඩ කරන දිනකට පැය 8ක්, සති අන්ත නිවාඩු දින ඇතුළු ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීත්‍යානුකූලව සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරමින්, රාත්‍රී සේවා මුරවල කාන්තා සේවිකාවන් සේවයේ නියුක්ත කරවීම සම්බන්ධයෙන් දැනට පවතින ආරක්‍ෂාව ඉවත් කිරීම, වෘත්තීය සමිති කටයුතුවලට රජය මැදිහත් වීම සහ . සේවායෝජකයා විසින් සේවකයන් “කුලියට ගැනීම සහ ඉවත් කිරීම” සඳහා නීත්‍යානුකූල ඉඩක් ඇති කිරීම යනාදී තත්වයන් නිර්මාණය කරනු ඇත. එබැවින් ඒ වෙනුවට ජාතික කම්කරු ප්‍රතිපත්තියක් මත පදනම්ව කම්කරු නීතිය පිළිබඳ නවීන අර්ථකථනයක් සැපයීම සඳහා මූලික නීතිමය රාමුව සංවර්ධනය කිරීම සඳහා විවෘත බහු පාර්ශ්වකරුවන්ගේ සංසදයක් ස්ථාපිත කිරීමට යෝජනා සම්මත  කරනු ලැබේ. කම්කරු නීති ප්‍රතිසංස්කරණවල වත්මන් ක්‍රියාවලිය ඉවත් කර අවශ්‍ය කම්කරු නීති ප්‍රතිසංස්කරණ සකස් කිරීම සඳහා නව අව්‍යාජ ක්‍රියාවලියක් ආරම්භ කල යුතුය.

02.          EPF සහ ETF අරමුදල්වලට ඉතාම අහිතකර ලෙස බලපාන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ (DDR) ක්‍රියා පටිපාටිය වහාම නතර කිරීමට රජයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) යෝජනා කිරීමට -. තවදුරටත්, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇති DDR පිළිබඳ ක්‍රියා පටිපාටි වලට විකල්ප යෝජනා ලබා දීම සඳහා සියලුම අංශ නියෝජනය කරන වෘත්තීය සමිතිවල පුළුල් අංශයක් ආවරණය වන සේ මුදල් මණ්ඩලයෙන් රැස්වීමක් ඉල්ලා සිටිනු ලැබේ. යෝජිත “ඒකීය කම්කරු නීතියට” එරෙහිව සහ අවිධිමත් ආර්ථිකයේ කටයුතු කරන්නන් සහ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ සිටින පුරවැසියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සියලුම දිස්ත්‍රික්කවල විශ්‍රාම පාරිතෝෂික අරමුදල් (EPF සහ ETF)කොල්ලකෑම සම්බන්ධයෙන් බිම් මට්ටමේ අත්සන් ව්‍යාපාරයක් සංවිධානය කිරීමට.

03.          2024 සඳහා වන රජයේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඉදිරි මාස දෙක තුළ ඒකාබද්ධ ප්‍රචාරක වැඩසටහනක් අනුගමනය කර දිස්ත්‍රික්ක සහ ප්‍රධාන නගර වෙත ළඟා වෙමින් අයවැය දිනයට පෙර “ජාතික විරෝධතා දිනයක්” පැවැත්වීමට තීරණය කිරීමට- වත්මන් දේශපාලන-ආර්ථික වර්ධනයන් සහ රජයේ වෙනස් වන භූමිකාව පිළිබඳව කම්කරු පන්තිය දැනුවත් කිරීම, වඩා හොඳ සේවා ජීවිතයක් සහ වැඩිදියුණු කළ ජීවන තත්ත්වයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට සහ රජයට බලපෑම් කිරීමට හැකි වන සේ කම්කරුවන්ගේ සාමූහික ශක්තිය බලමුලු ගැන්වීමට  අරමුණු කරමින් මෙය සිදු කල යුතුය.

04.          පසුගිය කාලය තුළ අපගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා  සිදු කල අපගේ සියලු ප්‍රයත්නයන්, විරෝධතා සහ අරගල වලදී සහ විශේෂයෙන්ම යෝජිත “ඒකීය කම්කරු නීතිය” පරාජය කිරීමට සහ EPF, ETF සහ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සුරැකීමට අප ගන්නා උත්සාහයන් තුළ,   වෘත්තීය සමිති සහ සේවකයින්  වෙත ශ්‍රී ලංකාවේ, ආසියානු කලාපයේ සහ ගෝලීය වශයෙන් විවිධ  සංවිධාන, සංගම් සහ අදාළ  කණ්ඩායම් විසින් ලබා දෙන සහාය සහ සහයෝගීතාවය පිළිබඳව සහෝදරත්වයෙන්  සහ කෘතඥතාවයෙන් යුතුව  ප්‍රකාශ කරමු.