නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිරෙන පුවත සාවද්‍යයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිරෙන පුවත සාවද්‍යයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සති අන්ත පුවත්පතක හා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු. රොහාන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවති.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවා ගන්නා බවට පලවන පුවත අසත්‍ය වන අතර පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත් දන්වා සිටිමි. එමෙන්ම විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බව දන්වා සිටින අතර අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.