සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය තවදුරටත්

සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය තවදුරටත්

සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නායකයින් අතර පැවැති සාකච්ඡාවේදී වර්ජනය අවසන් කිරීම සඳහා කළ සාකච්ඡාව අසාර්ථ වූ බව රවී කුමුදේස් මහතා වැඩබිම සමග පැවැසීය.

මෙම වර්ජනය නැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය කිසිඳු සහයක් ලබානොදුන් බවත්, ඒ අනුව මෙම වර්ජනය තවදුරටත් අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අද සවස කාසල් කාන්තා රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටද තීරණය කර ඇති බවද පැවසීය.