පවුල් සෞඛ්‍ය සේවා පුහුණුට බඳවාගැනීමේ ලකුණු කිරීම් විද්‍යුත් මාධ්‍යයෙන්

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුට බඳවාගැනීමේ ලකුණු කිරීම් විද්‍යුත් මාධ්‍යයෙන්

2021.01.01 දින පලකර ලද අංක 2209 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාඨමාලාවට බඳවාගැනීම සඳහා 2836 දෙනෙකු තෝරාගෙන ඇත.

එයින්  දෙවන කණ්ඩායම ලෙස  බඳවාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති සිසුවියන් අතරින් 1000 ක කණ්ඩායමක් තෝරා ගැනීම පිණිස මනාප ලකුණු කිරීම සදහා ගුගල් පෝරමයක් සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියෙහි පලකර ඇත.

ඒ  අනුව තෝරාගත් සිසුවියන් අතුරින් සුසුසුකම් ලත් දෙවන කණ්ඩායම සදහා පුහුණු මධ්‍යස්ථාන තෝරාගැනීමට අදාලව මනාප ලකුණු කිරීම විද්‍යුත් මාධ්‍යයෙන් සිදුකරනු ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන (https://www.health.gov.lk/) පරිශීලනය කර වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වැඩිදුරටත් දන්වා සිටි.