සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධාන ඉල්ලීම් යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව රැස්වේ

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධාන ඉල්ලීම් යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව රැස්වේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සිය වෘත්තීය ඉල්ලීම් වලට විසදුම් ලබාගැනිම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් (19) දින ඉල්ලා සිටින ලදි.

අමාත්‍යවරයාගේ නිර්දේශය මත අදාල යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා මෙම කමිටුවක් අමාත්‍යවරයා විසින් පත් කරන ලදී.

එම විශේෂ කමිටුව (20) දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානතත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

මෙම කමිටුව අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින්ගෙන් ද යුක්ත වේ.

අද දින වෘත්තීය සමිති සන්ධානය අවසන් වරට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළ සිය ඉල්ලීම් සහ ඊට අදාල යෝජනා පිළිබදව මෙහිදී දැනුවත් කිරීමට පියවර ගන්නා ‍ලදි.

එමෙන්ම වෘත්තීය සමිති සන්ධානයේ නව යෝජනා සහ අදහස් ද කමිටුව වෙත ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ගැනුනි. එම යෝජනා අදහස් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසාන යෝජනාවලිය ලබන (27) අඟහරුවාදා දින වන විට අවසන් කර (28) බදාදා  දින පස්වරු 3.00 ට  විශේෂ කමිටුු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් ‍පිරිසක් එක්ව සිටියහ.