අධික උෂ්ණත්වයෙන් දරුවා බේරා ගන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

අධික උෂ්ණත්වයෙන් දරුවා බේරා ගන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

රට තුළ පවතින අධික උෂ්ණත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව දිවයිනේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇත්තේ, සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙසයි.

අධික උෂ්ණත්වයන් පවතින දිනයන්හි නිවාසන්තර තරඟ හා පුහුණුවීම් නවත්වන ලෙසත්, වාතාශ්‍රය ලැබෙන ලෙස පන්තිකාමර සකස් කිරීම, අවශ්‍ය තරම් පිරිසිඳු ජලය බීමට ලබාදීම, ටයි පටි බැඳීම හැකිතාක් අවම කරන ලෙස එම මාර්ගෝපදේශයේ සඳහන්වේ.

එම මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.