සෝමාලියාවේ උපවාස කරන ධිවරයන් මුදා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

සෝමාලියාවේ උපවාස කරන ධිවරයන් මුදා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගෙන් මුදාගත්, සීෂෙල්ස් හී වික්ටෝරියා වරායේ සිට අඛණ්ඩ උපවාසක් ආරම්භ කර ඇති ශ්‍රී ලාංකීක තරුණ ධීවරයින් සය දෙනාගේ ජීවිත පිළිබඳව අවධානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිස්තියානි කාන්තා හඬ සංවිධානය  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔවුන් මුදා ගැනීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දරුණුතම අවස්ථාවකට මුහුණ දී ජයග්‍රහනය කර, බේරාගත් මෙම තරුණ ජීවිත මාසයකට වඩා වැඩි කාලයක් තුළ මෙසේ රඳවාගෙන තබාගැනීමට ඉඩහැරීම අංශ කිහිපයකින් ම අපරාධයක්  ලෙසයි.

මේ ආකාරයෙන් එක තැන සිරවී තිබෙන්නේ එක් අතෙකින් තරුණ ශ්‍රමය , අනෙක් අතින් රටට විදේශ විනිමය සපයා දෙන මාර්ගයක්. ඒ වගේම තමයි මොවුන් රැකියාවේ නිරත වෙන්නේ නැති නිසා මුදල් ඉපයීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ ධීවර පවුල්වල සාමාජීකයින් දරුණු සමාජ,  ආර්ථීක ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බවත්, ඔවුන්ගේ  ආර්ථීක ප්‍රශ්නය විසඳා ගන්නට මෙතෙක් මේ ධීවර පවුල්වලට ලංකාවේ ආණ්ඩුවෙන් කිසිම උපකාරයක් සවියක් ලැබුණේ නැති බවත් සඳහන්වේ.

සබැඳි පුවත්