විවෘත විශ්වවිද්‍යාලය හා සෞඛ්‍ය වෘත්තීයවේදීන් පාසල් සිසුන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කරයි
විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සහ මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමග එක්ව පාසැල් හැරයන සිසුන් අනාගතය උදෙසා බල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරයි
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානය විසින්, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී, පාසැල් හැර යෑමට අපේක්ෂිත දුවාදරුවන්, අනාගතය ලෝකය උදෙසා බල ගැන්වීමේ මෙම සුවිශේෂී වැඩ සටහන (2024.03 20) දින ආරම්භ කරන ලදී.
මෙම වැඩ සටහන සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සහ මත් වතුර මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය සම්පත් දායකත්වය ලබා දෙන ලද අතර, පාසැල් හැර යෑමට අපේක්ෂිත යන දුවා දරුවන්ගේ නායකත්වය ඔප් නැංවීම සහ නිවැරදි අධ්‍යාපන දැක්මක් ඇති කර ගැනීම මගින්, ඔවුන්ගේ අනාගත සමාජය පරිවර්තනය කිරීම සඳහා මැදිහත් විමක් සිදු කිරීම මෙම වැඩ සටහන් මාලාවේ අරමුණයි. මෙම වැඩසටහන් මාලාව, අවධානය ගිලිහුණු කුඩා පාසැල් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, වැඩ සටහන් මාලාවේ ආරම්භය ගාල්ල දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩසටහන් මාළාවේ මිලඟ වැඩ සටහන, තම පාසැල තුල ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේනම්, ඒ සඳහා ඉල්ලුම් කල හැකි බවද සංවිධායක මණ්ඩලය විසින් එහිදී දන්වා සිටින ලදී.
මෙම වැඩසටහන අවසානයේ තෝරා ගත් සිසුන් කණ්ඩායමක් සඳහා විශේෂ නායකත්ව පුහුණුවක් ලබා දීමටද සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන් සඳහා විමසීම් - 0706215101
\