ආර්ථික යුක්තිය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් (Photo)

ආර්ථික යුක්තිය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් (Photo)

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව සිදුකරන වෘත්තීය  ක්‍රියාමාර්ගය පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහල මුල්කරගනිමින් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදි.  

මෙහිදී  සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ දිස්ත්‍රික් සංවිධායක ඩබ්. සාමරත්න මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් අදහස් දැක්වූ අතර බදුල්ල ශික්ෂණ රෝහල හා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සාමාජිකයින් රැසක් සහභාගි විය.