ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500/-ක් ලෙස නියම කරනු ලැබ ඇත.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මඟින් එම වැටුප රුපියල් 17,500/-ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, ජාතික අවම වැටුප රුපියල් 12,500/- සිට රුපියල් 17,500/- දක්වා රුපියල් 5,000/-කින් වැඩි කිරීමට සහ ජාතික අවම දෛනික වැටුප රුපියල් 500/- සිට 700/- දක්වා රුපියල් 200/-කින් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.