සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ පිළීතුරු නොමැතිවීම තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා (02) සිට නැවතත් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (27) දින පැවැති රැස්වීමේදී තිරණය කළ බව එහි ප්‍රකාශකයෙක් "වැඩබිම" සමග පැවසීය.
සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ අවහිර වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය ප්‍රමාද වීම නැවත වර්ජනයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අප්‍රේල් මස දෙවැනිදා උදෑසන හයයි තිහේ සිට නැවත අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය සඳහා මාතෘ රෝහල් පිළිකා රෝහල් ළමා රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති නමුත් ඉදිරියේදී රජය දක්වන ප්‍රතිචාර අනුව ඒ පිළිබඳවද තීරණය කිරීමට අද රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙන අතර, මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව අද (28) දිනයේ සිට මහජනතාව දැනුවත් කිරීමටත් මහජනතාව අතර අත්පත්‍රිකා බෙදා දෙමින් මෙම වර්ධනයේ වගකීම සාකච්ඡා මගහරින පාර්ශවයන් විසින් දැරිය යුතු බැවින්, ඒ පිළිබඳව මහජනතාවගේ සහයෝගය තමන්ට ලබා දෙන ලෙසත් සියලු රෝහල් ඉදිරිපිටදී ඉල්ලීමක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය වැළැක්වීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් අප්‍රේල් මස පළවෙනි දින සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට පැවැත්වීමටත් පැවැත්වීමටත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට තිබෙන බව පවසා සිටියා.
සබැඳි පුවත්
- සෞඛ්‍ය වර්ජනය තාවකාළිකව අතහැර දමයි
- සෞඛ්‍ය සටනට දින දෙයි
- මුදල් අමාත්‍යංශයේ නිහඬතාවය නිසා සෞඛ්‍ය 19දා සිට නැවත වර්ජනයක්
- විසඳුමට සතියක කාලයක් ලබාදුන්නා - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය
- සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිර්දේශ ගැන සතුටින්
- සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධාන ඉල්ලීම් යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව රැස්වේ
- සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක්
- සෞඛ්‍ය වෘත්තිකයින් වර්ජනය තාවකාලිකව නතර කරයි
- සෞඛ්‍ය වර්ජනය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්
- සාකච්ඡා සාර්ථකයි, වර්ජනය සතියකින් කල් යයි - සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය
- සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන් කරයි
- සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය තවදුරටත්
- සෞඛ්‍ය සේවයේ අද (01) දින ඒකාබද්ධ වර්ජනයක්
- සෞඛ්‍ය වෘත්තීකයෝ අද ජාතික රෝහල අසල විරෝධතාවක
- වෛද්‍ය සංගමයේ සංදේශයට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් පිළිතුරු
- සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (16) සිට වර්ජනය කරන බව දන්වයි
- සෞඛ්‍ය වර්ජනය පෙබරවාරි 1සිට යළි සක්‍රීයයි
- සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්
- රෝහල් කාර්යමණ්ඩල අද වර්ජනයක