බාල ඖෂධ සම්බන්ධ විමර්ශන වාර්තා යටගහන්නේ ඇයි? - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

බාල ඖෂධ සම්බන්ධ විමර්ශන වාර්තා යටගහන්නේ ඇයි? - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

දිගින් දිගටම බාල ඖෂධ හා ඖෂධ සංකූලතා සම්බන්ධව සිදුවීම් වාර්තා වන විට ඒවා සම්බන්ධව මීට පෙරපත් කළ විමර්ශන වාර්තා ප්‍රකාශයට පත් නොකිරීම එවැනි සිදුවීම් වළක්වා ගැනීමට බාධාවක් වන බැවින් ඒ සම්බන්ධ වහාම අවධානය යොමු කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ  වෛද්‍ය චමල් සංජීව  මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි.

ඖෂධ මෙරටට ආනයනය කිරීම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගැනීම සිදුකරන්නේ ජනතාවගේ මද මුදල්වලින් වන බැවින් ඖෂධ සම්බන්ධව සත්‍යතුරුත් දැනගැනීමට ජනතාවට පරම අයිතියක් පවතින බවත් එම තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන්  සිදුවන ඖෂධ සංකූලතා සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා වගකිවයුතු බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ කාණ්ඩ දෙකක් වන වන predisposition  සහ Domperidone ඖෂධ ලබාගත් පිහින්තල ප්‍රදේශයේ දරුවන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් එම ඖෂධ නිසා ඇතිවන ප්‍රතික්‍රියාවලට ලක්ව ඇති බව වාර්තාවේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කර්මාන්තශාලා පරිශ්‍රයන් මීට පෙර ඖෂධ නියාමන අධිකාරිය මගින් පරික්ෂාකොට ඒවායේ කර්මාන්ත ශාලා පරිශ්‍රයන් ඖෂධ නිෂ්පාදනයට නුසුදුසු තත්ත්වයක පවතින බවට වාර්තා ප්‍රකාශයට පත් වුවත් එම වාර්තා ද මේ දක්වා ප්‍රකාශයට පත් කොට නොමැති බව ඖෂධ නියාමන අධිකාරිය ආරංචි මාර්ග සඳහන් කර යි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කර්මාන්තශාලා පරිශ්‍රයන් සම්බන්ධවද පොළොල් විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කරන ලෙස තමන් මීට පෙර ඉල්ලා සිටි බවත් ඒ සම්බන්ධවද නිසි අවධානය

යොමු කළේ නම් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට තිබූ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.