විදේස්ගත ශ්‍රමිකයින්ගේ අයිතිය රකින්න වෘත්තීය සමිති - බහුජන සංවිධාන එකමුතුවක

විදේස්ගත ශ්‍රමිකයින්ගේ අයිතිය රකින්න වෘත්තීය සමිති - බහුජන සංවිධාන එකමුතුවක

විදේශගත සංක්‍රමණිකයින් වෙනුවෙන් කටයුතු කරන “සංක්‍රමණික හඬ ජාලය“ (Voice of Migrant (VoM) සහ “එක්වෙමු“(UNITE) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අතර සාකච්ඡාවක් පසුගියදා ලංකා බැංකු සේවක සංගමයේ කොළඹ කාර්යාලයේදී පැවැත්විණි.

සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් VOM විසින් සිදුකරමින් යන ක්‍රියාකාරකම් සහ දැනට සිදු කරමින් සිටින උද්දේශන කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කරන ලදී.

සංක්‍රමණික ශ්‍රමිකයන්ද ශ්‍රමිකයන් ලෙස පිළිගැනිම, සංක්‍රමණික සේවකයින් ගේ අයිතිවාසිකම්, තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි සංක්‍රමණික සේවකයන්ගේ නියෝජනය, සංක්‍රමණික සේවකයින් සඳහා ඡන්ද ප්‍රවේශය, ශ්‍රම සංක්‍රමණ කර්මාන්තය තුළ වෙනස් කොට සැලකීමේ භාවිතයන් මුලිනුපුටා දැමීම යන ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ලෙස කල හැකි දේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙරට ආර්ථිකයේ සුවිශේෂී පංගුකාරයන් ලෙස එම ශ්‍රමිකයන්ගේ දායකත්වය විධිමත් ලෙස පිළිගැනීම සහ ඔවුන් යහපත් රැකියා කොන්දේසි සහිත පිරිසක් බවට පත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද එහිදී සාකච්ඡා කරන ලදී.

මේ සඳහා UNITE නියෝජනය කරමින් ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් වෘත්තීය සමිති, මොන්ලාර් සංවිධානය, එකසත් කම්කරු සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 11ක් සහ VOM නියෝජිත පිරිසක් සහභාගී විය.