කෙහෙළිය වෙනුවෙන් අත ඉස්සූ එකසිය දහතුන නිතිය හමුවට පමුණුවන්න - සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය

කෙහෙළිය වෙනුවෙන් අත ඉස්සූ එකසිය දහතුන නිතිය හමුවට පමුණුවන්න - සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  අමාත්‍යවරයා ධුරය  ඉවත්කොට මාස අටකට වැඩි කාලයක් ගතවී ඇතත් සෞඛ්‍ය පද්ධතියේ දුර්වල පරිපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණය මේ දක්වා අවසන් නොමැති බැවින් සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න විසඳීමට නොහැකි වන්නේ නම් වර්තමාන සෞඛ්‍ය ඇමතිද , සෞඛ්‍ය ලේකම්වරයාද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද වහා ඉවත් වී එය එක් සාර්ථක ලෙස ඉදිරියට පවත්වාගෙන යා  හැකි පිරිසකට භාරදිය යුතු බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

 කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  මේ බව ඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අවධාරණය කළ අතර මෙහිදී අදහස් දැක්වූ යේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා " නියොස්ටිග්මයින්, ලිග්නොකෙන් ඇතුළු ජීවිත ආරක්ෂක ඖෂධ හිගය නිසා මිනිස් ජීවිත අනතුරට පත්විය හැකි බව ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අත ඉස්සුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට  ද  අනුව සහගත කැබිනට් පත්‍රිකා සඳහා අනුමැතිය ලබා දුන් කැබිනට සාමාජිකයන්ද සම්බන්ධයෙන් මහජනතාව තුළ දැඩි අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව ඔවුන් සම්බන්ධයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා නීතිය හමුවට පැමිණවීමට අසමත් වූ අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

සෞඛ්‍යවෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රවි කුමදේශ මහතා ප්‍රකාශ කළේ  සම්ප්‍රමාත්‍යංශයේ මේ වන විට ඉතා දුර්වල පරිපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණයක් පෙන්නුම් කරන බවයි. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන තැබූ විශ්වාසය පළදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

රජයේ විකිරණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා මෙහිදී අදහස් දක්වමින් රෝහල් රැසක විකිරණ තාක්ෂණ සේවා බිඳ වැටී ඇති බවත් දිගින්  දිගටම මෙම කරැණු පෙන්වා දුන්න  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලකයින් මේ ගැන කිසිදු අවධාරණයක් යොමු නොකරන බවද සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් නිලධාරීන් මේ වනවිට සෞඛ්‍ය සේවාව අමතක කොට මැතිවරණයට සම්බන්ධ වන්නේ දැයි බරපතල සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.