සෞඛ්‍ය සේවකයින්ට ඡන්ද අයිතිය ඉල්ලයි

සෞඛ්‍ය සේවකයින්ට ඡන්ද අයිතිය ඉල්ලයි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයේ දී, සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ලිපියක් යවමින්  ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

සභාපති,

මැතිවරණ කොමිෂන් සභාව,

මැතිවරණ කාර්යාලය

රාජගිරිය

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයේ දී, සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වා ගැනීම

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබාදී ඇත්තේ, මැතිවරණ රාජකාරිවල යොදවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පමණක් වීම හේතුවෙන්, අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වී ඇත. ඒ අනුව එදිනට අදාළ රාජකාරි නිවාඩු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදිය යුතු වුවත්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමට බාධාවක් ඇතිවන පරිදි එම නිවාඩු ලබා නොදී සිටීමට ආයතන ප්‍රධානීන් කටයුතු කිරීමේ අවධානමක් ඇත. මේ හේතුවෙන් මහජනතාවගේ  සෞඛ්‍ය අයිතිය සහ සෞඛ්‍ය කාර්ය ඡන්ද අයිතිය අතර පරස්පරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳව ඔබගේ පූර්ව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමු.

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබාදීමේ බාධාවක් පවතින්නේ නම්, අවම තරමින් තමන්ගේ රාජකාරී ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයක් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි

මෙයට - විශ්වාසී

රවි කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

පිටපත්

1. ලේකම් - සෞඛ්‍ය අමාත්‍යංශය

2. ලේකම් - රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය