සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙන් අල්ලස් කොම්සමට පැමිණිල්ලක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙන් අල්ලස් කොම්සමට පැමිණිල්ලක්

විශ්‍රාම වයස වෙනස් කරන්න ජුනි මාසය ගත්ත තීන්දුවට, සෞඛ්‍ය ලේකම් සැප්තැම්බර් මාසයේ හිටිහැටියේ චක්‍රලේඛයක් නිකුත් කිරීම, මැතිවරණ අල්ලසක් නොවේද ? යන්න විමසමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහම නිවේදනට අනුව, වෛද්‍ය වෘත්තිකයන්ගේ පමණක් විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට වර්තමාන රජය දේශපාලන තීන්දුවක් ගනු ලැබුවේ පහුගිය ජූලි මාසයේදීය. නමුත් එම තීන්දුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කිරීම අතපසු කරමින් සිට, හිටි හැටියේ පසුගිය  දෙවනිදා ධාතමෙන් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මැතිවරණයක් කට උඩ තබා හිටි හැටියේ මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීම හරහා විශාල දේශපාලන වාසියක් ලබා ගැනීමට හැකියාව තිබෙන බැවින්, මෙම චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳව වහාම සොයා බලන ලෙස අප මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම සියලු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප එක සමාන තත්ත්වයක තිබිය යුතු ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින්, සෞඛ්‍ය සේවාවේ ද වෛද්‍ය වෘත්තිකයන් සඳහා පමණක් විශේෂ වරප්‍රසාදයක් ලබා දෙමින් වර්තමාන ජනාධිපතිවරයා ගනු ලැබූ මෙම දේශපාලන තීන්දුව ඉතා අසමබර එකක් බව අප අවධාරණය කරමු. ඒ කෙසේ වෙතත් එම අසමබර දේශපාලන තීන්දුව පවා ගනු ලැබූ අවස්ථාවේදී චක්‍රලේඛයක් නිකුත් නොකොට, මැතිවරණය ඉලක්ක කර ගනිමින් මාස කිහිපයකට පසු චක්‍රලේඛ නිකුත් කිරීම පැහැදිලිවම ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ වාසිය සඳහා නිකුත් කරන ලද්දක් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.