දෙන්නේ දින හතයි - නැත්නම් වර්ජනය කරනවා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අවධාරණය කරයි

health-workers-stike

පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය  වෘත්තිකයින් විසින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ භුක්ති විඳිමින් තිබෙන අතිකාල රේට් අගය සහ නිවාඩු දින දිමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පල කරමින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට 2024.02.19 දින කොළඹදී රැස්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. කෙසේ නමුත් මෙම ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට දින හතක කාලයක් ලබා දිමටත්, එමගින් ගටලුව සාකච්චාඡා මාර්ගයයෙන් විසඳා ගැනීමට උපරිමයෙන් උත්සාහ දරන බවද  එම සම්මේලනයේ ප්‍රකාශයකු අවධාරණය කර සිටියා.  

මීට අමතරව තම සේවාවන්ගේ උසස්වීම් ක්‍රමය නැවත යථා තත්වයට පත් කිරීම සහ උසස්වීම් සඳහා ලබා දීමට නියමිතව තිබූ කළමණාකාරණ පුහුණුව නැවත ස්ථාපිත කිරීම පිළිබඳවද ප්‍රතිචාර ලබා ගන්නා තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වැඩි දුරටත් ඔහු අවධාරණය කරන ලදී.

"අය වැය මගින් සෞඛ්‍ය වෘත්තිකයින්ට ඉල්ලක්ක ගත ගැටලු කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නොවේ. කාලාන්තරයක් අරගල කරලා දිනාගත්ත දේවල්.  අය-වැයකින් ආපස්සට හරවන්න දෙන්න බෑ. එහෙම කරන්න ඕනනම් ජාතික වැටුප් කොමිසමක් පත් කරලා අධ්‍යනයක් කරන්න.

පැය විසිහතර පුරා විශාල කැප වීමක් සිදු කරන සෞඛ්‍ය සේවාවන්ගේ අනන්‍යතාවය නොසලකා හරින්න එපා"

මෙම අවස්ථාවට සෞඛ්‍ය වෘත්තීයවේදීන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති විස්සක පමණ නායකයින් සහභාගී වූ බව පවසා සිටියා.

සැබැඳි පුවත්