ලංකා බැංකු සේවක සංගමය සටන අත්නොහරී

cbeu

රාජ්‍ය බැංකු පද්ධතිය තුල මතුවී ඇති අර්බුදය සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය හා ජනාධිපති ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මාසයකට අධික කාලයක් ගෙවී ගියත් රජය ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙ නොමැති බව බැංකු සේවක සංගමය අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය තුළ එයට සාකච්ඡාවේදී ලබාදුන් ගැටලු සම්බන්ධයෙන් ඉක්මන් විසඳුම් ඉල්ලා ලංකා බැංකු සෙවක සංගමය පසුගිය දිනවලදී රට පුරා උද්ඝෝෂණයක නිරත වූ අතර,  අද (22) දින ද එහි පියවරක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදි 12.30 පිකටින් උද්ඝෝෂණයක් සිදු කරන බව බැංකු සේවක සංගමය පවසා සිටී.

සබැඳි පුවත්

ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙහි දිරිදීමනා පාරිතෝෂිකය සහ අසාධාරණ අයබදු සම්බන්ධ සාධනීය පිළියම් අපේක්ෂා කිරීම, 1996 න් පසුව සේවයට බඳවාගත් රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප සහ සම්පූර්ණයෙන්ම විශ්‍රාම වැටුප් අහිමි වී සිටින රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව නිරාකරණය කරගැනීම මෙන්ම HDFC බැංකුවේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අර්බුදවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මෙම උද්ඝෝෂණ මාලාව සඳහා හේතු පාදක වී තිබෙන බවයි බැංකු සේවක සංගමය පවසා සිටින්නේ.