කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ නීති ආධාර ඒ්කකය විසින් 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා නීති පීඨ පරිශ්‍රයේදී නොමිලේ නීති ආධාර කඳවුරුක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ නීතිඥ සංගමය, නීති ආධාර කොමsසම සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නියෝජනය කරමින් සිවිල්, අපරාධ සහ මානව හිමිකම් නීතිය පිළිබඳ නීති ක්ෂේත්රයේ ප්රවිණයන් මේ අවස්ථාවට සහභාගී වේ.
ඔබගේ ඕනෑම නීති ගැටලුවකට නීති උපදෙස් ලබාදීම, අදාළ නීති ආයතන වෙත යොමු කිරීම මෙන්ම නීතිමය ලේඛණ ලබාගැනීමට මඟ පෙන්වනු ඇත.
මේ සඳහා දායකත්ව ලබාදෙන්නේ, යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව, අධිකරණ අමාත්‍යංශයේ අනුදැනුම මත ක්‍රියාත්මක කෙරෙන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) වේ.


