නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රකාශයට පත් කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවකින් අනතුරුව, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ලිඛිත එකඟතාවයන් ලබාදෙන ලදී.
එම ලිඛිත එකඟතාවයන් වනුයේ,
- සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
- වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
- 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
- අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
- පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
- පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම
- සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම.
- ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව ලබා දුන් එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන පසුබිමක 2026.01.07 වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ සහ 2026.01.13 වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ තීරණ අනුව එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට තීරණය කරන ලදී.
එය එසේ නොවන්නේ නම්, 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.
ඒ අනුව පසුගිය 2026. 01. 23 උදෑසන 08.00 සිට පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00ට එම වැඩ වර්ජනය අවසන් කරන ලදී.
විවිධ අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් විසින් සිදු කරන බාධා කිරීම් මධ්‍යයේ වුවද වැඩ වර්ජනය සමස්ත රෝහල් පද්ධතිය පුරාම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී
එම වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට යම් අපහසුතාවයක් සිදුවූවේ නම්, එහි සම්පූර්ණ වගකීම එකඟතා කඩකරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමේ වගකිම පැහැර හරින රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය සම්පූර්ණයෙන් භාර ගත යුතුය.
එහිදී ගැටලු විසඳීම සඳහා සද්භාවයෙන් යුතුව අවම උත්සාහයක් හෝ දරනවා වෙනුවට රජය සහ රජයට සම්බන්ධ පාර්ශව විසින් වෛද්‍යවරුන්ට මඩ ප්‍රචාර හා අවලාද වලින් පිළිතුරු දීම හරහා පසක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ වගකිවයුත්තන්ට නිදහස් සෞඛ්‍යයේ අනාගතය සුරක්ෂිත කිරීමෙහිලා සැබෑ අවශ්‍යතාවයක් නොමැති බවයි.
මෙම වගකීම් විරහිත හැසිරීම හමුවේ අවසානයේ සිදු වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටි ජන ජිවිත අවදානමට පත්වීම පමණි.
පවතින ප්‍රවණතාවයන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අදාල වගකිවයුත්තන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳ අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී.
1. රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
2. රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
3. දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.
4. අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.
5. රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
එමෙන්ම 27 දින උදෑසන 08.00ට මෙරට සියලු රෝහල් වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට නියමිත අතර පවතින වාතාවරණය සහ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදාසීන හැසිරීමත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගත් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එහිදී ලබා ගන්නා තීන්දු තීරණ සහ පවතින ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහාත් එළඹෙන 2026. 01. 28 දින රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග හා සැලසුම් රටට ප්‍රකාශ කරනු ඇත.
සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍යවරුන්ට සාධාරණ ඉටු කරමින් ගැටළු විසදීම උදෙසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඕනෑම මොහොතක සාකච්ඡාවට සූදානම් අතර සාධනීය සහ විශ්වසනීය විසඳුම් ලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමටද සූදානම් බව විධායක සභාවේ ස්ථාවරයයි
ගැටලු විසඳීම මගහරිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් පැනයාමට රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම් සියලු පාර්ශව එක් කරගනිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.
සබැඳි පුවත්
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය හෙට(23) ස්ථිරයි
- වෛද්‍ය නිලධාරිනුත් සටනට !
- වෛද්‍ය නිලධාරි සංගමය වර්ජනයකට සැරසෙයි
- “දැයක් සුවපත් කළ සියවසක්” - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම 1926 – 2026
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට රතු එලි
- රජය ලබා දුන් එකඟතා නොසලකා හැරලා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
- වෛද්‍ය සංගමය විසඳුම් ඉල්ලා රජයට පැය 48ක කාලයක් දෙයි
- අයවැයෙන් සෞඛ්‍ය සේවයට අගතියක් වූ බවටරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් චෝදනා
- වෛද්‍ය සංගමයෙන් ආණ්ඩුවට අයවැය යෝජනාවළියක් ඉදිරිපත් කරයි
- වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවත් කිරීමට අමාත්‍යවරයා පොරොන්දු වෙයි
- රෝගී සත්කාරක සේවා බිඳවැටීමේ අවධානමක - GMOA
- රෝහල් වර්ගීකරණයක් කර ගැටලු හඳුනාගෙන තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස GMOA රජයෙන් ඉල්ලයි
- වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථකයි - වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් - GMOA
- අධික වර්ෂාව නිසා හදිසි සෞඛ්‍ය ආපදාවකට GMOA විශේෂ දුරකතන අංකයක්
- GMOA වෛද්‍ය සභාවේ පත්කිරීම්වල වැරැද්දක් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙයි
- වෛද්‍ය සටනත් අත්හරී

