ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවවේද විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ 33 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය පැවැත්වේ

ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවවේද විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ 33 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය පැවැත්වේ

ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවවේද විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Microbiologists) 33 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ (33rd Annual Scientific Sessions)  සමාරම්භක උත්සවය පසුගියදා පස්වරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විනි.

"පිරිවැය ඵලදායී, උසස් තත්ත්වයේ සායනික ක්ෂුද්‍රජීව විද්‍යාව අවබෝධ කර ගැනීම "Realizing cost-effective, high- quality clinical microbiology" යන්න තේමා කර ගනිමින් 2024 වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අගොස්තු මස 13 සිට 15 දින දක්වා  පැවැත්වේ. එ‍ම කාලය තුල වැඩමුළු සහ විද්‍යාත්මක වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යා විද්‍යාලය 1969 වසරේ දී ආරම්භ කර ඇත. විද්‍යාලයේ ව්‍යවස්ථාවට අනුව සෑම වසරකම නව සභාපතිවරයෙකු සහ නව සභාවක් තේරී පත් වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යා‌ලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ,  ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යා විද්‍යාලයේ (2023-2024) සභාපති සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ උපදේශිකා වෛද්‍ය මලිකා කරුණාරත්න, ලේකම් වෛද්‍ය නාමල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවවේද විශේෂඥ වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.