ඉන්ධන අර්බුදයෙන් සමෘද්ධි 5000 දීමනාව ප්‍රමාදයි

ඉන්ධන අර්බුදයෙන් සමෘද්ධි 5000 දීමනාව ප්‍රමාදයි

ඉන්ධන හා විදුලිය නොමැති කමින් අඩු ආදායම්ලාභී පවුල් තොරතුරු CRM පද්ධතියට ඇතුලත් කිරීමේදී මතුව ඇති දුෂ්කරතා මත පොරාත්තු ලේඛණයේ සිටින අඩුආදායම්ලාභීන් වෙත එකවර ගෙවන ලද දීමනාව ගෙවීම සඳහා සේවකයින් හට මතුව ඇති ගැටළුකාරීත්වය පිළිබඳව සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, ජීවිත අඩාලවීම වෙනුවෙන් පවත්නා සුබ සාධක වැඩසටහන් වල හා පොරොත්තු ලේඛනවල සිටින ප‍්‍රතිලාභීන් හට මාස 03 ක කාල සීමාවකට එකවර ගෙවීමට තීරණය කරන ලද රු. 5000/ වු දීමනාව ඉන්ධන හා විදුලිය නොමැතිකම හේතුවෙන් නියමිත දිනට ගෙවීමට සේවකයින් හට නොහැකි තත්වයක් උදාවී ඇති බව කණගාටුවෙන් වුවද ඔබවෙත මෙයින් දන්වා සිටින්නෙමු.

උක්ත කරුණට අදාලව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් විසින් ඔබටද පිටපතක් සහිතව සියළුම සමෘද්ධි බැංකු කළමණාකරුවන් හට එවා ඇති 2022. 04. 22, 2022. 04. 26 හා 2022. 05. 05 මඟින් උපදෙස් ලබා දී ඇති අතර, දීමනාව ලැබීමට සුදුස්සන්ගේ තොරතුරු පරිඝණකගත කිරීම 2022. 05. 18 අද දින අවසන් කල යුතු බවත් එකී අයට අදාල මුදල් බැර කිරීම වෙනුවෙන් සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කරන මෙන් උපදෙස් ලබා දී ඇත.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් විසින් 18 යන අද දින ලබා දී තිබුණද දින ගණනාවක සිට රට පුරා පවතින ඉන්ධන හිඟයත්, දෛනික විදුලි කප්පාදුවත් මත උපදෙස්හි සදහන් කාර්යන් කළමණාකරුවන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩල වෙත මෙන්ම ක්ෂෙත්‍ර කටයුතු නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට ලබා දීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එය සේවකයින්ගේ වරදක් හෝ අඩුපාඩුවක් නොවන බව අප සංගමය ඔබ වෙත මෙයින් අවධාරණය කරන්නෙමු.

පවතින මෙම තත්වය හමුවේ සේවකයින් මෙන්ම අදාල ප්‍රතිලාභ අපේක්ෂා කරන 2,50,000(දෙලක්ෂ පනස්දහසකට) ආසන්න, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාවද තවත් අපහසුතාවයට පත්වන බව පෙන්නා දෙන්නෙමු. ඒ අනුව අදාල දීමනාව ගෙවීමේදී සේවකයින් හට ප්‍රායෝගිකව බලපා ඇති දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර අදාල ප්‍රතිලාභ අපේක්ෂා කරන අයද අපහසුතාවයකට පත් නොවන අයුරින් කාලය දීර්ඝ කර දෙන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.