සමාගමක සේවයට ආ ඉන්දියානුවන් 53ට කොවිඩ් පොසිටිව්

සමාගමක සේවයට ආ ඉන්දියානුවන් 53ට කොවිඩ් පොසිටිව්

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරුකරගෙන තිබේ.

කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම පුද්ගලයින් අතුරින් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.