උපාධිධාරීන් 53,000ක් අදියර තුනකින් රාජ්‍ය සේවයේ ස්ථීරයි

උපාධිධාරීන් 53,000ක් අදියර තුනකින් රාජ්‍ය සේවයේ ස්ථීරයි

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් ලෙස පසුගිය වසරේ බඳවාගත් 53,000ක් පමණ අදියර තුනක් යටතේ ස්ථිර කිරීම ආරම්භ කර තිබේ.

වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත.

ඔවුන් සඳහා රුපියල් 31,000ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමඟ එම වැටුප රුපියල් 41,000ක් වන බවද, අමාත්‍යවරයා සඳහන් කළේය.





බඳවා ගත් කාල සීමාව අනුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇත.