ලාංකි­කයෝ ලක්ෂ 80ක් බැංකු­ව­ලට ණය වෙති

ලාංකි­කයෝ ලක්ෂ 80ක් බැංකු­ව­ලට ණය වෙති

මෙරට පුද්ගලයන් මිලියන 8කට වඩා එනම්, ලක්ෂ 80කට වැඩි පිරිසක් බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවලින්, ණය ලබාගෙන ඇති බවත්, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 68.9% ක් ඒ තුළ නියෝජනය වන බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි පවසයි.

මෙරට සමස්ත ජනගහනයෙන් බොහෝ පිරිසක් කුමන හෝ බැංකුවකින්, හෝ කිසියම් මූල්‍ය ආයතනයකින් ණයක් ලබාගත් අයවලුන් බව හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ණය ලබාගන්නා සියලු දෙනාගේ දත්ත පවත්වාගෙන යන අතර, යම් පුද්ගලයකු විසින් ණය මුදලක් ඉල්ලුම් කිරීමේදී අදාළ මූල්‍ය ආයතනය විසින් තොරතුරු කාර්යාංශයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දෙයි. එමඟින් අදාළ පුද්ගලයාට ණය ලබා ගැනීම පහසු කරන අතර මුල්‍ය ආයතනයටද ගැටලුවකින් තොරව එකී කාර්ය කළ හැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.