ගුරු පුරප්පාඩු අපේක්ෂාවෙන් සිටින උපට සුබ ආරංචියක් - භාෂා තුනෙන්ම ගුරු පුරප්පාඩු ගැසට් වෙයි

ගුරු පුරප්පාඩු අපේක්ෂාවෙන් සිටින උපට සුබ ආරංචියක් - භාෂා තුනෙන්ම ගුරු පුරප්පාඩු ගැසට් වෙයි

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු (අ.පො.ස (උ.පෙළ)) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම -2023 වර්ෂය සඳහා සුදුසුකම් සැපිරූ උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින,උපලේඛන අංක 1 යටතේ දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන්ට (අ.පො.ස (උසස් පෙළ) හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වන විෂයන් සඳහා ) අදාළ සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු පාසල් පාදකව සම්පූර්ණ කිරීම සඳහා අංක 23/1139/607/096 හා 2023.07.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, අංක 1885/38 හා 2024.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව හා අධ්‍යාපන අමාත්‍යාඅංශ ලේකම්ගෙ අංක ED/02/29/21/AL/02 -vi වෙළුම හා 2023.07.24 දිනැති ලොපියේ උපදෙස් ප්‍රකාරව මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති සබරගමුව පළාතේ ස්ථීර පදිංචි උපාධිධාරීන්ගෙන් මෙලෙස අයඳුම්පත් කැඳවා තිබේ.

වැදගත් :- දෙමල මාධ්‍ය පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛයාවක් සබරගමුව පළාත තුළින් තෝරා ගැනීමට නොහැකි වුවහොත් පමණක්, සබරගමුව පළාතේ අවම වශයෙන් වසර 08ක් සේවය කිරීමට යටත්ව දීපවයාප්ත මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කර අයදුම්කරුවන් සම්බන්ධයෙන් සළකාබලනු ලැබේ. එබැවින් දෙමල මාධ්‍ය පුරප්පාඩු සඳහා පමණක් දීපවයාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.

සම්පුර්ණ විස්තර දැනගැනීමට මෙතනින් පිවිසෙන්න...

අයදුම් පත්‍රයට මෙතනින් පිවිසෙන්න..