EPF නඩු 16,000ක් ගොඩ ගැහිලා - කඩිනමින් විසඳන්න කම්කරු විනිශ්චය සභාවට බලය

EPF නඩු 16,000ක් ගොඩ ගැහිලා - කඩිනමින් විසඳන්න කම්කරු විනිශ්චය සභාවට බලය

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම පැහැර හැරීමේ නඩු දහසයදහසක් (16000) මේ වනවිට මහෙස්ත්‍රාත් අධිකරණවල ගොඩ ගැසී ඇති බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් අර්ථසාධක පැහැර හැරීමේ නඩු ඉදිරියේදී කම්කරු විනිශ්චය සභාව වෙත යොමුකිරීමට තීරණය කර තිබේ. එමගින් ඉක්මනින් මුදල් අයකරගැනීම සඳහා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමටද පියවර ගෙන ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

එසේම සේවකයකු ආයතනයක සේවයට බැඳී මාස හයක් ඇතුළත අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද නීති ගෙන එන බව ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු වූ ආයතන ගණනාවක් සිය අර්ථසාධක දායක මුදල් ගෙවීම් සඳහා සහන කාලයක් ඉල්ලා ඇත. එබැවින් ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව සුපරික්ෂාකාරීව පරික්ෂා කර බලා හිඟ දායක මුදල් ගෙවීමට සහන කාල පරාසයක් ලබාදීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

(අරුණ)