යෝජිත කම්කරු නීති සංශෝධන සහ EPF, ETF, පෙන්ෂන්  සහ  W&OP මංකොල්ලය පරදවමු !

යෝජිත කම්කරු නීති සංශෝධන සහ EPF, ETF, පෙන්ෂන්  සහ  W&OP මංකොල්ලය පරදවමු !

මේ වන විට ආණ්ඩුව හතරවටින්ම වැඩ කරන ජනතාව එල්ලකරමින් ප්‍රහාර ගණනාවක් දියත් කර තිබේ. එහි අළුත්ම ප්‍රහාරයන් වන්නේ සේවක අර්ථ සාධක අරමුදල මංකොල්ල කෑමත් වැඩ කරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන කම්කරු නීති සංශෝධන ඉදිරියට ගෙන ඒමත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමට යයි කියමින් දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමේ මුවාවෙන් EPF අරමුදලට ලැබිය යුතු ආදායමෙන් වාර්ෂිකව රු. කෝටි ගණනක් කපා ගැනීමට ආණ්ඩුව යෝජනා කර ඇත. මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 0.5% ක ප්‍රමාණයක් වාර්ෂිකව අරමුදලට ලැබෙන ආදායමෙන් කපා ගනු ලැබේ.

2022 වසරේ දළ දේශීය නිෂ්පාදනය රු. ට්‍රිලියන 24.1 ක් වන අතර එම මුදලෙන් 0.5% ක් යනු රු. කෝටි 12000 ක් පමණ වේ. ඒ අනුව මේ වසරේ දී රු. කෝටි 12000 කටත් වැඩි මුදලක් කපාගනු ඇත. එය සමස්ත අර්ථ සාධක අරමුදලින් කපා ගන්නා 14% බද්දත් සමග  වාර්ෂික ආදායමින් 60% කට අධික ප්‍රතිශතයකි. රටේ උද්ධමනය ක්‍රමාණුකූලව වැඩි වන නිසා දළ දේශීය නිෂ්පාදිතයේ අගයද වාර්ෂිකව වැඩි වේ. එමනිසා ඊලඟ වසරේ දී අර්ථ සාධක අරමුදලෙන් කැපෙන ප්‍රමාණය මීටත් වඩා වැඩි වනු ඇත. වේගයෙන් සිදුවන රැකියා අහිමි වීම නිසා ෑඡත්‍ අරමුදල අඩුවීමත් ඉහත සඳහන් කළ පරිදි වාර්ෂිකව රු. ප්‍රකෝටි ගණනක් කපා ගැනීමත් නිසා මහ බැංකු අධිපතිවරයා පවසන ආකාරයට 9% ක පොලියක් ගෙවීමට නොහැකි වන අතර එය 0 වීමටද ඉඩ තිබේ. ඒ අනුව 2038 වන විට රු. ලක්‍ෂ 110 ක් ලැබිය යුතු ප්‍රතිලාභියකුට ඇත්ත වශයෙන්ම ලැබෙන මුදල රු. ලක්‍ෂ 50 ක් පමණ වනු ඇත. මෙසේ අඩකටත් වඩා අඩුවන්නේ ඔබ විශ්‍රාම ගිය විට ඔබේ අවශ්‍යතා සඳහා ඇති මුදලය. මෙවන් විශාල මුදලක් ඔබෙන් නොවිමසා ඔබේ ගිණුමෙන් කපා ගැනීමට ඔබ ඉඩ දෙනවාද?

අළුතෙන් ගෙන එන ලද සේවා නියුක්ති පනතෙන් දැනට කම්කරුවන් භුක්ති විඳින අයිතිවාසිකම් ආරක්‍ෂා කරන නීති 13 ක් අහෝසි වේ. මෙසේ කම්කරුවන්ගේ ආරක්‍ෂාවට ඇති නීති අහෝසි කිරීමට කම්කරු ඇමතිවරයාට ඇති බලය කුමක්ද? ඊට අමතරව

  • සේවකයන්ගේ පැය 8 වැඩ දිනය අහෝසි කිරීම,
  • අතිකාල නොමැතිව දිනකට පැය 16 ක් වැඩ ගැනීමට ඇති හැකියාව
  • කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩුවලට වැටුප් ගෙවීමට හාම්පුතාට ඇති වගකීමෙන් ඉවත් කිරීම
  • පඩි පාලක සභා අහෝසි කිරීම
  • කම්කරු කොමසාරිස්ගේ අවසරයකින් තොරව සේවකයන් වන්දි නොගෙවා ඉවත් කිරීම
  • රටේ පවතින කම්කරු නීති වෙනුවට පත්වීම් ලිපියේ කොන්දේසි බලාත්මක කිරීම
  • වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව 7 සිට 100 දක්වා ඉහල දැමීම මගින් සේවකයන් වෘත්තීය සමිතිගත වීම වැලැක්වීම ආදිය නව සංශෝධන වලින් යෝජනා කර ඇත.

සැබැඳි පුවත්

මෙම යෝජනා හාම්පුතුන්ගේ ඉල්ලීම පිට සේවකයන් මර්දනය කර ඔවුන්ගේ මනදොල පිනවීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් මිස කම්කරු ඇමති කියන ආකාරයට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කරන ලද්දක් නොවේ. මෙම නීති ක්‍රියාත්මක වුවහොත් රට වසර 200 ක් ආපස්සට යනු ඇත.

එමනිසා ආණ්ඩුවේ මෙම EPF මංකොල්ලයත් ඔබගේ අයිතීන් සුරකින නීති වෙනුවට වහල් නීති ගෙන ඒමත් පරාජය කිරීමට එක්ව සටන් කරමු!   

පහත අංකවලින් අප හා සම්බන්ධවන්න.

චමිලා 0771513362 - ශාන්ත 0779149789 - අශිලා 0777139006 - වීජේපාල 0772680009 - ධනුෂ 0774078127

(වෘත්තීය සමිති එකමුතුව විසින් බෙදාහරින ලද පත්‍රිකාවකි)