කොග්ගල Lockdown කාලයේ බෝඩිමෙන් එලියට දැමු සේවිකාවකගේ කතාව

koggala-free-trade-zone

කොග්ගල ප්‍රදේශය lockdown කරන අවස්ථාවේ කොග්ගල ප්‍රදේශයේ අවුරුදු 7 ක් තිස්සේ බෝඩිං වෙලා සිටි එක්ස්කුවෙල් ආයතනයේ සේවය කල සේවිකාවක් එම ආයතනයේ කොරෝනා positive වෙන අය සීග්‍රයෙන් වැඩිවන නිසා බෝඩිං අයිතිකරුවන් විසින් ඇයව බෝඩිමෙන් පිටමං කල බවත් lockdown කර ඇති නිසා ඇයට යන්න තැනක් නොමැතිව තමන්ගේ රෙදිපිළි ටිකත් උස්සන් පාරේ යනවිට එම ප්‍රදේශයේ කාන්තාවක් ඇයට බෝඩිමක් සොයා දී ඇති බවත් වාර්තා වේ. මෙවැනි සිද්ධීන් වලට නිදහස් වෙළෙඳ කලාප සේවිකාවන් අනන්තවත් මුහුණ දෙන බව අපිට වාර්තා වේ.

PCR පරීක්ෂණ සිදු කිරිම ආයතනය මගින් ඉදිරියේදී සිදු නොකරන බවත් රජයෙ රෝහල් වෙත ගොස් එම PCR පරීක්ෂණ සිදු කර ගන්නා ලෙසත් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සමහර ආයතනය මගින් සේවකයින් හට පවසා ඇත.

එමෙන්ම ආයතන වල ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සෞඛ්‍යය අංශ වලට නිවරදි තොරතුරු ලබා නොදී එම ආශ්‍රිතයින් සේවයේ යොදවන බව සේවකයින් පවසයි.

Lockdown ප්‍රදේශය වල බෝඩිං වී සිටින කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් හට රජයෙන් ලැබෙන දීමනා හා බඩු මල්ල නොලැබෙන බවත් ඒවා ලැබෙන්නේ බෝඩිං අයිතිකරුවන් හට බවත් එම සේවකයින් සම්බන්ධයෙන් ආයතනයෙන් කිසිදු සොයා බැලීමක් නොමැති බවත් කොරෝනා positive වෙලා ඉදියත් අපිට call එකක් දී අප ගැන සොයා නොබලන බව සමහර කර්මාන්ත ශාලාවල සේවකයින් පවසයි.

පසුගිය දිනක කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ එක්තරා ප්‍රසිද්ධ ඇගලුම් ආයතනයක කළමනාකාර වරයකු දින 14 කට බන්ධනාගාර ගත කර ඇති අතර එසේ බන්ධනාගාර ගත කර ඇත්තේ ආයතනය තුල කොරෝනා වසංගතය පැතිරීමට ඉඩ හැරීම සහ එය වැලැක්වීමට කටයුතු නොකිරීම යන චෝදනාව යටතේ චෝදනා 6 කට වැරදි කරු ලෙසයි.

තවද කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන් හා සෞඛ්‍ය නිළධාරීන් අවධානය යොමුකර ඇති බවත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ආසාදිතයින් වාර්තා වන ආයතන වල කොරෝනා වසංගතය වැලැක්වීමට අවශ්‍ය සෞඛ්‍යය පිළිවෙත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන ආයතන සදහා ඒවා නිසියාකාරව සකස් කිරීමට නිවේදන නිකුත් කර ඇති බවත් එසේ නොකරන ආයතන සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් වාර්තා වේ.

This image has an empty alt attribute; its file name is Kanchana-Abesekara-Dabindu-Koggala.jpeg

කාංචනා අබේසේකර,

වැඩසටහන් සම්බන්ධිකාරිකා, ස්ත්‍රී මධ්‍යස්ථානය, කොග්ගල