ඖෂධ රාජ්‍ය ඇමතිට ඉල්ලා අස්වෙන්න බැරිමනං, NMRA එක කැබිනට් ඇමතිට ගන්න

ravi-kumudesh

කොවිඩ් පරික්ෂණ සඳහා දිනකට 35000ක් කරපු PCR පරීක්ෂණ ප්‍රමාණය 5000ට අඩු කර ඇති බවත්,  අද තියන දත්ත ටික ලබන සුමානේ වෙනස් කරන බවත්, විද්‍යාත්මක ආවේක්ෂණය ගැන කියන කොට  නයාට අදු කොළ වගේ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේස් මහතා 18 දින පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,  රට වහන තීරණය වගේම අරින තීරණයත් විද්‍යාත්මක නෑ. කොපමණ දුරට නිවැරදිද කියලා කාටවත් කියන්න බැහැ. කවුරුත්ම දන්නෙත් නෑ. රසායනාගාර සේවාව දියුණු කරන්න වැටුප් ලබන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, රසායනාගාර සේවාව දියුණු වෙන එක වලක්වලා තියනවා. පැය 2කින් අඩු මුදලට PCR වාර්ථාවක් ලාබා දිය හැකි අළුත් තාක්ෂණය රසායනාගාර වලට ලැබෙන එක වලක්වලා තියෙන්නේ කොමිස් වුවමනාවට. ජංගම රසායනාගාර ගේන එක වල්ක්වන්න, PCR පරීක්ෂණයේ මිල රු 1000/- යි කියන සෞඛ්‍ය අමාත්‍යාංශය, පෞද්ගලික අංශයට මිල හදන්නේ රු 6500/-ට. සෞඛ්‍ය අමාත්‍යාංශය කවදාවත් රු3000/- ට අඩුවෙන් PCR කරලා නෑ. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාව පවා නොමඟ යවන්නේ තමන්ට හිතෛෂී සමාගම වල ලාභය වෙනුවෙන්.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවට සාධාරණ පරීක්ෂණක් පිළිබද කිසිදු විශ්වාසයක් නැහැ. වංචාවන් දූෂණයන් සිදුවෙන්නේ ඖෂධ ගෙන්වීමේදී. එහෙම නැත්නම් බෙදාහැරීමේදී හෝ  නිෂ්පාදනයේදී. ඒ සේරටම වග කිවයුතු කල්ලියම, නියාමනයත් කරනවා. ඒක හරියට හොරාගේ  අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. බන්ධනාගාර සිදුවීමේදී ඒකේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන එක හොඳ  ප්‍රවණතාවයක්. අඩුම තරමින් ඉල්ලා අස්වෙන්න බැරිනම් නියාමන අධිකාරියේ දත්ත වංචාව ගැන සාධාරණ පරීක්ෂණයක් කිරීම සදහා එය කල්ලියෙන් ගලවා කැබිනට් ඇමතිවරයා යටතට පත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය "වසන්තය එනවා සත්තයිලු" එහෙම වෙන්න නම් අඩුම ගානේ "සිනෝවැක්" වගේ චීන එන්නත් තව තව ගෙනල්ලා මිනිස්සුන්ට වසන්තය ගේන්න බැහැ. අඩුම තරමින් තමන් කැමති එන්නත ගහ ගන්න තියන අවස්ථාව මඟහැරලා, රටක් විදිහට එන්නත් ලාබෙට හදන්න ඉල්ලන දේශීය සමාගම් වහලා දාන තැනට වැඩ කරලා රටට වසන්තය ගේන්න බැරි බවත් කුමුදේස් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.